[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

බෙල්ලන්විල රාජමහා විහාරයේ දී ලබාගත් සේයාරුවකි.
සේයාරුව දුෂ්මන්ත මායාදුන්න

බිනර අමාවක

සැප්තැම්බර් 21 ඉරිදා පූ.භා. 00.21 අමාවක ලබා 22 සඳුදා
පූ.භා. 01.27න් ගෙවේ.
21 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

සැප්තැම්බර් 21 

First Quarterපුර අටවක

සැප්තැම්බර් 29   

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 06 

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 13  

ආශ්චර්යවත් මනුෂ්‍ය රත්නය

තුන් ලොවක් දිනූ අසහාය ධර්ම රාජයාණන් වහන්සේ, අපගේ තථාගත බුදුපියාණන් වහන්සේ දේශනා කොට වදාරනවා, “ඒක පුග්ගලො භික්ඛවේ ලෝකේ උප්පජ්ජ මානො උප්පජ්ජති අච්චරිය මනුස්සෝ....” මහණෙනි, මේ ලෝකයට කලාතුරකින් පහළ වන උතුමන් වහන්සේ නමක් ඉන්නවා. ඒ උතුමන් වහන්සේ ආශ්චර්ය මනුස්ස රත්නයක්. ඒ ආශ්චර්ය මනුෂ්‍ය රත්නය දුර්ලභවයි පහළවෙන්නේ. කප් සුවහස් ගණනක් ඇවෑමෙන්. කවුද ඒ ආශ්චර්යවත් උතුමන් වහන්සේ, තථාගත වූ, දසබලධාරි වූ, අරහං ගුණයෙන් යුතු සම්මා සම්බුදුරජාණන් වහන්සේ. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ ගැන කියා දෙන්න. බුදුරජාණන් වහන්සේ කෙනකු ම හැර මේ ලෝකේ සුදුසු කෙනෙක් නෑ. බුදුරජාණන් වහන්සේ වදාරනවා ‘තථාගතයන් වහන්සේ අසිරිමත් මනුෂ්‍ය රත්නයක්. කලාතුරකින් මිනිස් ලොව පහළවන” ඇයි ඒ අසිරිමත් මනුෂ්‍ය රත්නය කලාතුරකින් පහළ වන්නේ. ඇයි අසිරිමත් වන්නේ. බුදුරජාණන් වහන්සේගේ ආශ්චර්යවත් චරිතාපදානය දන්නෝ ඒ ප්‍රශ්නයට පිළිතුර මනාව දන්නවා. සිතනවා නම් සිත නිවෙන එකම දේ බුදුගුණය පමණයි. ඇසුවොත් හදවත නිවෙන එකම දේ බුදුගුණය පමණයි. මෙනෙහි කරන්න, මෙනෙහි කරන්න සිත පහන්වන අමාව බුදුගුණය පමණයි. බුදුරජාණන් වහන්සේ ඒ සා අනන්ත ගුණ මිහිරකින් යුක්තවයි ලොව සුවපත් කරන්නට ඉතිහාසයේ දවසක ලෝකයට පහළ වුණේ. පින්වතුනි, අපිත් මනුස්ස ලෝකයේ ඉපදුණා. ඒ භාග්‍යවතුන් වහන්සේත් මනුස්ස ලෝකයේ ඉපදුණා. ඒත් ඔබ, මා සාමාන්‍ය මනුෂ්‍යයෝ. ඔබගෙයි, මගෙයි ජීවිතයට ආශ්චර්ය ජීවිතයක් කියන්නේ නෑ. ඒ තථාගතයන් වහන්සේගේ ජීවිතය ආශ්චර්යවත් ජීවිතයක්. ආශ්චර්යවත් සම්බුදු සිරිත ම ආශ්චර්යවත්. සාරා සංඛ්‍යය කල්ප ලක්ෂයක් මතු නොවෙයි. විසි අසංඛ්‍යය කල්ප ලක්ෂයකට ඈත සසරෙහි එන ගමනේ නෞකාව මහ මුහුදේ දී සුනුවිසුණු වී ගිය වෙලාවේ තම මවුතුමියට ජීවිතය පූජා කරලා, තෙරක් ඉමක් නොපෙනෙන අපාර මහා සාගරයේ මවුතුමිය කරපිට තබාගෙන, යන දිශානතියක් නොදැන, එහෙත් වීරිය බලයෙන් සත් දවසක් නිරාහාර ව, පැන් පොදක් නොලබා මහ සයුර තරණය කරන්නට කාටද පුළුවන්. ඒ දේ කරන්න පුළුවන් වුණේ අප සරණ ගිය බුදුරජාණන් වහන්සේට. ඒ නිසා ම අච්චරිය මනුස්සෝ කියනවා.

දමනය කළ සිත සුව ගෙන දෙයි

“චිත්තං දන්තං සුබාවහං”. මහණෙනි, ප්‍රකෘති සිත ප්‍රභාස්වරයි. පවිත්‍රයි. එය ආගන්තුක කෙලෙස්වලින් කිලිටි වේ. එය පවිත්‍ර වන්නේ ආගන්තුක කෙලෙස්වලින් මිදුණු විටය.” යනුවෙන් අප තිලෝගුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේ සිතේ සාමාන්‍ය ස්වභාවය පැහැදිලි කළ සේක. තවදුරටත් කරුණු දක්වමින් “සිත තරම් (වහා පෙරළෙන සුලු) වෙනත් දෙයක් නොපෙනෙන බවත්” දුර ගමන් කරන, තනි ව හැසිරෙන, ශරීරයක් නැති ගුහාවක සයනය කරන මේ සිත යමෙක් සංවර කර ගන්නේ නම්, ඔහු මාර බන්ධනයෙන් මිදෙන බවත්” වදාළහ. එසේම “හීලෑ කිරීමට ඉතා දුෂ්කර වූ, කැමැති කැමැති තැන වැටෙන, දකින්ට අමාරු ඉතා සියුම් වූ මේ සිත හික්මවා ගැනීමත්, රැක ගැනීමත්, දමනය කර ගැනීමත් සුවය හා සැනසිල්ල ගෙන දීමට හේතු භූත වන බව“ ද වදාළ සේක. තවද “ලෝකයා ගෙන යනු ලබන්නේත්, ඇදගෙන යනු ලබන්නේත් චිත්තය විසින් ම බවත්” සියල්ල ම චිත්තයාගේ වසඟයට යන බවත්” වදාළ බුදුරජාණන් වහන්සේ “ශාන්තිය ලැබීමට නම් ආධ්‍යාත්මය ම හෙවත් චිත්ත සන්තානය ම සන්සිඳුවිය යුතු බවත්” වදාළහ. මේ සිතේ ස්වභාවය පැහැදිලි කළ බුද්ධ වචන කිහිපයකි. චිත්තය ම ආත්මය ලෙසින් ගත් අබෞද්ධ දාර්ශනිකයන් “එය අංශුවකටත් වඩා ඉතා කුඩා බවත්, මහත් දෙයකටත් වඩා ඉතා මහත් බවත් ජනයාගේ හෘදය නමැති ගුහාවෙහි තැන්පත්ව ඇති බවත්” ප්‍රකාශිතය. සිත රැක ගැනීමට නම් සිත හඳුනාගත යුතු ය. බුදු දහමහි ‘සිත්’ යන අරුත්හි ‘චිත්ත විඤ්ඤාණ, මන චේත” ආදී වචන කිහිපයක් ම ව්‍යවහාර වේ. පරමාර්ථ ධර්ම වශයෙන් අභිධර්මයෙහි දක්වන ලද කරුණු සතර අතර, චිත්ත හා චෛතසික යන දෙක ධර්මයට අනුකූල ව ශාස්ත්‍රීය ලෙසින් විස්තර කර ඇත. සිත හා සිතිවිලි දෙකක් වුවත්, ඒවා කෂායෙහි පවතින ජලයත්, ඖෂධීය රස ගුණත් මෙන්ම එකට ම පවතින්නේ ය.

අනුන්ගේ වැරැදි මතවලට තමන්ගේ ප්‍රතිපත්ති වෙනස් කරන්න එපා

නිවන් අවබෝධය යනු, තම සිතෙහි ඇති, පෙනෙන සහ සැඟව පවතින සියලු ම ආකාරයේ තණ්හා මූල සිතිවිලි, නැවත හට නොගන්නා පරිදි ක්ෂය කර දැමීම යි. සසර පුරා අකුසල සිතිවිලිවලට වහල්වීමට හුරු වී ඇති මිනිස් සිත, කුසල සිතිවිලි කෙරෙහි නැඹුරු කර ගැනීම, වසරකින් දෙකකින් මතු නොව එක් ආත්මභාවයකින් වුව ද සිදුකළ නොහැකි අන්දමේ අසීරු කාර්යයකි. නිවන් අවබෝධ කර ගැනීමට තීරණය කළ තැනැත්තා, තණ්හාව ක්ෂය කිරීම සඳහා සිත පුහුණු කළ යුත්තේ ක්‍රම ක්‍රමයෙනි. එනම් වඩාත් සරල වූ පිළිවෙත්වලින් අරඹා වඩාත් සංකීර්ණ පිළිවෙත් වෙත යොමුවිය යුතු ය. ආර්ය අෂ්ටාංගික පිළිවෙතෙහි ම කරුණු ඇසුරු කර සකස් වූ පඤ්චශීල ප්‍රතිපදාවෙන් සත්ත්වයාගේ සිතෙහි ඇති ලෝභ, ද්වේෂ, මෝහ යන අකුසල මූල ත්‍රිත්වය හා බැඳුණු සිතිවිලි බොහෝ සෙයින් දුරු කරන බව දන්නේ ද ස්වල්ප දෙනෙකි. මෙකල සිටින සෑම කෙනකු ම පාහේ “අප නම් පන්සිල් රකින අය ය” යි කියතත්, එය හුදෙක් නීතියකට සමාන කොට අකුසලයක් කිරීමට අවස්ථාවක් එළඹි කල්හි එය නුවණින් මෙනෙහි කර වළක්වා ගනු වෙනුවට, තමා යටත් වී ඇති පන්සිල් මතක් කර “මම පන්සිල් ගන්න හින්දා නිකං ඉන්නේ. නැත්තං මම දන්නවා කරන්න ඕන දේ” යනුවෙන් කෝපය මැඬගෙන අකුසලය නො කර හරිති. “එහෙම හරි නරක වැඩවලින් ඉවත් වෙලා ඉන්න එක හොඳ නැත්ද?” යි ඇතැම්හු අසති. නැත. බුද්ධෝත්පාද කාලයක කල් ගෙවමින් සිටින අප කටයුතු කළ යුත්තේ එසේ නොවේ. කරුණු තේරුම් නො ගෙන ධර්මානුකූල ප්‍රතිපත්ති අන්ධානුකරණය කිරීමෙන් සිදු වන්නේ එකිනෙකාගේ වැරැදි මත හමුවේ තම ප්‍රතිපත්ති වෙනස් කිරීම යි. එසේ ස්ථිර ප්‍රතිපත්තියක් නැති තැනැත්තා නිවනෙහි ප්‍රමාද වූවකු වේ. එබැවින්, නිර්වාණාවබෝධය පිණිස, ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි දක්වා ඇති ප්‍රතිපත්තීන් හි සරල යැයි පෙනෙන්නා වූ ප්‍රතිපත්ති වුව ද අත්නොහැර, එම සෑම පිළිවෙතක් මඟින් ම තම ආධ්‍යාත්මික ගුණය දියුණු වන්නේ කෙසේද යන අවබෝධය සහිත ව කටයුතු කළ යුතු ය.

බුදුසරණ Youtube
බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

 

 

 

 

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]